Published
ඇමෙරිකාව එල්ල කරන හමුදාමය තර්ජන ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් දැඩි ලෙස විවේචනය කර සිටිනවා.
ඒ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින්.
ඕනෑම පාර්ශවයක් ඉරානයට බලපෑම් කිරීමට උත්සාහ කරන්නේ නම්, ඊට යටත් නොවී බලපෑම්වලින් තොරව රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා තම රට සූදානම් බවයි ඔහු එහිදී අවධාරණය කර ඇත්තේ.
මේ අතර, ඉරානය සමඟ එකඟතාවයකට පැමිණීමට නම් දීර්ඝකාලීන උත්සාහයක් අවශ්‍ය බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ඉරානයට එරෙහි හමුදාමය පියවරයන් තවදුරටත් විවෘතව පවතින බව ද ඔහු සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




