සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට මෙවර ඉදිරිපත් කළ අයවැය යෝජනාව තුළින් අපොහොසත් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඊට විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් අද දිවයින පුරා සියලුම රෝහල්වල වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ.

ඒ අනුව අද දිනයේදි වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන ආකාරය සම්බන්ධයෙන්ද ඔහු මෙලෙස පැහැදිලි කළා.

දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය උදෑසන 08 ට ආරම්භ වනවා.