වීසා කාලය ඉකුත් වී නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ,  බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි    මහල් ගොඩනැගිල්ලක   සැගවී සිටියදීයී.

ආගමන විගමන පාලක  ජනරාල්වරයාට ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත සිදු කල වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් 50 දෙනා අතරින් 48 දෙනෙකු වියට්නාම් ජාතිකයන් වන අතර ඉතිරි දෙදෙනා චීන ජාතිකයන්.

ඔවුන් අතරින් 33 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන බවත් සෙසු පිරිස කාන්තාවන් වන බවත් නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

ඔවුන් සියලුම දෙනා වයස අවුරුදු 20 ත් - 35 ත් අතර පසුවන්නන් වනවා.

අත්අඩංගුවට ගත් එම විදේශිකයන් පිරිස මේ වනවිට වැළිසර රැදවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන එමින් තිබෙනවා. ඔවුන් කඩිනමින් දිවයිනෙන් පිටුවහල් කිරීමට නියමිතයි.