Published
අමෙරිකාව සහ ඉරානය අතර නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් කලීබාෆ් යන පිරිස විසින් එලෙස අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එම එකඟතාවයට අදාළ ප්‍රධාන කරුණු කිහිපයක් ද මාධ්‍ය වෙත අනාවරණය වී තිබෙනවා.
මෙම ගිවිසුම මඟින් 'හෝමුස් සමුද්‍ර සන්ධිය' වහාම ක්‍රියාත්මක වන පරිදි විවෘත කිරීම ඉන් එක කරුණක්. ඉරානයට පනවා තිබූ අමෙරිකානු නාවික අවහිරතා ඉවත් කිරීමටත් එහි දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගිවිසුමට අදාළ සම්පූර්ණ විස්තර ඉදිරි පැය 48 තුළ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබෙනවා.
දෙපාර්ශවය අතර පවතින ගැටලුවලට අදාළ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා මෙම සතියේ අගභාගයේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




