Published
කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.
මේ වනවිට දේශීය වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පැවතීම සහ පාලන මිලට වඩා වැඩි මිලට කිරි සම්බා අලෙවි කිරීම පිළිබඳව අවධානය යොමු කර, 2025-10-15 දින සිට 2025-11-15 දින දක්වා එක් ආනයනකරුවකුට මෙටි්රක්ටොන් 520ක උපරිමයකට යටත්ව මෙම සහල් ආනයනය සිදු කිරීමට නියමිතය.



