තමන් බලයේ සිටින තෙක් චීනය තායිවානයට එරෙහිව හමුදා ක්රියාමාර්ග නොගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එවැන්නක් සිදුවුවහොත් එක්සත් ජනපදය ප්රතිචාර දක්වන ආකාරය චීන ජනාධිපති ෂී ජින් පිං හොඳින් තේරුම් ගෙන ඇති බවයි.
ට්රම්ප් පසුගිය බ්රහස්පතින්දා දකුණු කොරියාවේදී ෂී හමුවිය.
සාකච්ඡා අතරතුර තායිවානය පිළිබඳව සාකච්ඡා නොකළ බව එක්සත් ජනපද ජනාධිපතිවරයා පසුව පැවසීය.
CBS රූපවාහිනිය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී, චීනය හමුදා ක්රියාමාර්ගයක් ගන්නේ නම් තායිවානය ආරක්ෂා කිරීමට එක්සත් ජනපද හමුදාවන්ට නියෝග කරන්නේ දැයි ට්රම්ප්ගෙන් විමසන ලදී.
ඊට පිළිතුරු දෙමින් ට්රම්ප් පැවසුවේ ''එය සිදුවුවහොත් ඔබට එය සොයා ගත හැකි වනු ඇත" යනුවෙනි.
නමුත් එක්සත් ජනපද ප්රතිචාරය කුමක් විය හැකිදැයි ප්රසිද්ධියේ ප්රකාශ කිරීම ඔහු ප්රතික්ෂේප කළ අතර, ඔහුට තම රහස් හෙළි කළ නොහැකි බව පැවසීය.




