මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් මෙරට ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම් හඳුනා ගනිමින් ඊට විකල්ප සැලසුම් කිරීමට රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් මෙරටට ඇතිකළ හැකි බලපෑම් සම්බන්ධයෙන් මාධ්‍යව්දීන් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ පවත්නා තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා ජාතික ආරක්‍ෂක කවුන්සිලය වහා රැස්විය යුතු බවයි.

විපක්ෂ නායකවරයා සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය කුමක්ද? නෙත් නිවුස් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළා.

ඊට නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.