හම්බන්තොට, මිරිජ්ජවිල, අඩි 100 පාර ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවක හිමිකාරියක වන වයෝවෘද්ධ කාන්තාවක් පිහි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඇය සිය ආපන ශාලාව තුළ රැදී සිටියදී නාඳුනන පුද්ගලයකු විසින් එම පිහි ප්‍රහාරය සිදුකර පලාගොස් ඇති බවයි හම්බන්තොට වරාය පොලිසිය පැවසුවේ.

එහිදී බරපතල තුවාල ලැබූ එම කාන්තාව හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජිවිතක්‍ෂයට පත්ව ඇත්තේ 72 හැවිරිදි වියේ පසු වූ තිදරු මවක්.

අදාළ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වි නැහැ.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා හම්බන්තොට වරාය පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.