මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයින් තම ආගමික කටයුතු සඳහා භාවිත කරන “චබාද් මධ්‍යස්ථානවලට” පැය 24 පුරා ආරක්ෂාව ලබාදීමට තීරණය කර තිබෙනවා.
ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් මේ බව සඳහන් කළා.
මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයින්ට තම ආගමික කටයුතු, විවේක කටයුතු මෙන්ම ආහාර පාන ලබාගැනීම සඳහා මෙම “චබාද් මධ්‍යස්ථාන” ස්ථාපිත කර තිබෙනවා.
පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පොලිස් වසම් කිහිපයක් තුළ ස්ථාපිත කර ඇති “චබාද් මධ්‍යස්ථානවලට” පවතින තර්ජනයන්ට සාපේක්ෂව අදාළ පොලිස් ස්ථාන මගින් මේ වන විට පැය 24 පුරාම ආවරණය වන පරිදි ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බවයි.
තවද දිවයිනේ රැඳී සිටින කවර හෝ විදේශීය ජාතිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසියම් තර්ජනයක් පවතී නම් ඒ සම්බන්ධයෙන් තක්සේරු කොට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට ද පොලීසිය කටයුතු කරන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.