සමගි ජනබලවේගයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ මහතා සහ හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතාගේ පුත් රඛිත රාජපක්‍ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාගෙන් අල්ලස් ලබාගත් බවට කෙරෙන විමර්ශනයකට අදාළවයි ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසෙන්නේ.

නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ රදවාගනු ලැබ සිටිනවා.

එම රැදවුම් නියෝග ඉවත් කර ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම සදහායි අල්ලස් ලබාගත් බව කියවෙන්නේ.

මීට පෙර නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණයට රැගෙන ආ අවස්ථාවක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා මේ බවට චෝදනා කළා.

විමර්ශන ආරම්භ කෙරුණේද ඒ අනුවයි .