Published
නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා
35 හැවිරිදි බ්‍රේස්වෙල් අවසන් වරට නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ 2023 දී ය.
අස්ථි ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
බ්‍රේස්වෙල් 2011 සිට 2023 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 28ක්, එක්දින තරග 21ක් සහ විස්සයි20 තරග 20ක් සඳහා ඩග් බ්‍රේස්වෙල් ක්‍රීඩා කර තිබෙනවා.
තවද ඔහු ටෙස්ට් කඩුලු 74ක් සහ එක්දින කඩුලු 46ක් දවා ගෙන තිබෙනවා .
ඔහුගේ වෘත්තීය ජීවිතයේ කැපී පෙනෙන සිදුවීම වූයේ 2011 දෙසැම්බර් මාසයේදී හෝබාර්ට් හි පැවති ඔහුගේ තුන්වන ටෙස්ට් තරගයේදීයි.
එහිදී ඔහු ලකුණු 60කට කඩුලු 9ක් දවා ගනිමින් නවසීලන්තය වසර 26කට පසු ඕස්ට්‍රේලියාවේ ඔවුන්ගේ පළමු ටෙස්ට් ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වුනා.


