Published
ලෝකයේ නිවාස මිල ඉහළම නගරයක් බවට කොළඹ නගරය පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.
මෙරට ගොඩනැගිලි අමුද්‍රව්‍යවල මිල ගණන් කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව ඉහළ මිලක පවතින බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
ඒ අනුව සෙසු රටවලට සාපේක්ෂව සිමෙන්ති මිල ශ්‍රී ලංකාවේ සියයට 45 ක ඉහළ මට්ටමක පවතිනවා.
යකඩ මිලද වෙනත් රටවල් කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සියයට 75 කින් වැඩි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
ඊට ප්‍රධාන හේතුව වි ඇත්තේ මෙරට පවතින බදු ක්‍රමයයි.
ඒ අනුව පවතින බදු ක්‍රමය පිළිබද රජය අවධානය යොමු කළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.
ඉදිකිරීම් ක්ෂේත්රයට සහන සැලසීම මගින් ආර්ථික ක්‍රියාකාරිත්වයේ වර්ධනයක් අත්කර ගත හැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසුවා.