බිනර පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල අද උදෑසන කාලයේ සිටම සීල සමාදාන සහ විවිධ ආගමික වැඩසටහන් පැවැත්වෙනවා.

ඒ අනුව සැදැහැවතුන් බොහෝ පිරිසක් මේ වනවිටත් වෙහෙර විහාරස්ථානවල එම කටයුතුවල නිරත වෙමින් සිටින බවයි නෙත් නිවුස් නියෝජිතයන් පැවසුවේ.

මේ අතර, නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා වැඩසටහන අද පැවැත්වෙන්නේ ගම්පහ, උඩුගම්පල, පෙතියාගොඩ, ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේදීයි.

ඒ අනුව පස්වරුවේද එම විහාරස්ථානයේ වැඩසටහන් රැසක් පැවැත්වෙනවා.

ඒ පිළිබද තොරතුරු නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්.

''අද පස්වරු 2.00 ට යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. පූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමීන් වහන්සේ සහ පූජනීය කැලෑගම මහින්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් මෙම කාව්‍යමය ධර්ම දේශනාව පැවැත්වීමට නියමිතයි. එමෙන්ම පස්වරු කාලය පුරාවටම ධර්ම දේශනා සහ ආශීර්වාද බෝධි පූජා ඇතුළු පින්කම් රාශියක් පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා. එෆ්.එම් 95 සහ එෆ්.එම් 94.8 ඔස්සේ නෙත් එෆ්.එම් රේඩියෝව ශ්‍රවණය කරන ඔබ සැමට අප ආරාධනා කරනවා මෙම උතුම් විහාරස්ථානය වෙත පැමිණෙන ලෙසත්, එසේ නොමැති නම් නිවසේ සිටම මෙම උතුම් පින්කම් මාලාව හා සජීවීව සම්බන්ධ වන ලෙසත්''