ආණ්ඩු විරෝධී අනුරාධපුර රැළිය සදහා මේ වනවිටත් සියළු කටයුතු සූදානම් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එම රැළිය පස්වරු දෙකට අනුරාධපුර නගර සභා නිවාස ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.
මේ, ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා.
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන දැවැන්ත ආණ්ඩු විරෝධී මහජන රැලිය අද ජන සටන අනුරාධපුරයේදී අතිදැවැන්ත ඓතිහාසික ජන රැලියක් ලෙස පැවැත්වීමට සියලුම කටයුතු සූදානම්. මේ වන විටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම ප්රදේශයකින්ම නියෝජනය කරමින් ජනතාව තමන්ගේ සහභාගීත්වය ලබා දීම සඳහා පැමිණෙමින් සිටින බව අපට ආරංචි වන්නේ. අපි ඊයේ හැන්දෑවෙත් කිව්වා වගේ ලංකා ඉතිහාසයේ දැවැන්තම ඓතිහාසික ආණ්ඩු විරෝධී ජන රැලියක් ලෙස අපි මේ රැලිය සංවිධානය කරලා තියෙන්නේ. අද ලංකාවේ දේශපාලනයේ විපක්ෂ දේශපාලන ආකෘතිය වෙනස් වෙන දවසක්. ආණ්ඩුවට තමන්ගේ දේශපාලන සමාජ ආර්ථික මැදිහත්වීම් සම්බන්ධව යළි හිතන්න වෙන දවසක් බවට පත් වෙනවා. මේ ආණ්ඩුවට මගහැර යා නොහැකි විරෝධයක් අද මේ දැවැන්ත ජන සටන මහජන රැලිය තුළින් අපි විසින් නිර්මාණය කරනවාමයි."
දිවයිනේ විවිධ ප්‍රදේශවලින්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් එම රැළිය සදහා පැමිණෙමින් සිටිනවා.
බස් රථ මෙන්ම දුම්රියෙන්ද ඔවුන් පැමිණෙමින් සිටින බවයි නෙත් නිවුස් නියෝජිතයින් පැවසුවේ.
මතුගම සිට බස් රථවලින් පැමිණෙන පිරිස් අතරින් කිහිප දෙනෙකු ද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.
"මේ ආණ්ඩුව කරේ අපිට උදව්වක්. රාජ්‍ය නායකයා, අපේ විධායක නායකයාව පුළුවන් තරම් එයාගේ පවුලේ අයට ගහන්න ගහන්න මිනිස්සු එකතු වෙනවා කියලා දැන් අපේ වත්මන් ජනාධිපතිතුමාට තේරෙනවා. රාජපක්ෂවරුන්ට ගහන්න ගහන්න මිනිස්සු එකතු වෙනවා මිසක් මිනිස්සු අඩුවීමක් වෙන්නේ නැහැ. එයාගේ බලාපොරොත්තු අපි දන්නේ නැහැ කොහොමද කියලා, ඒත් සෙනග වැඩිවෙනවා. අපිට තේරෙනවා, දැන් අපෙත් එක්ක එන්න ආපු ගොඩක් දෙනෙක් මතුගමදී එන්න බැරි වුණා. සල්ලි ගෙවලා යන්න හදන මිනිස්සු ඉන්නවා නම් හිතාගන්න පුළුවන්නේ බිම් මට්ටමේ මිනිස්සු මොන තරම් කේන්තියෙන්ද ඉන්නේ කියලා මේ ආණ්ඩුව වෙනුවෙන්. ඒක හින්දා ආණ්ඩුවට ස්තූතියි අපිට තවත් ශක්තිය දුන්නට. තියෙනවා කියලා මහින්ද මහත්තයා කරපු පාරවල් ටිකේ තමයි අපි මේ යන්නේ තාම. අද අනුරාධපුරයේ යනවා, සංජීව එදිරිමාන්න අපේ දිස්ත්‍රික් නායකතුමා සහ මතුගම සංවිධායකතුමාගේ මගපෙන්වීමෙන් අපේ රතු මල්ලි ලෑස්ති කරගෙන තිබුණා බස් එකක්. ඇත්තටම අපෙත් එක්ක අද මගදී ගොඩක් දෙනෙක් තරහා වෙලා ගියේ, නමුතු බස් එකෙත් ඉඩ මදි හින්දා ඒගොල්ලන්ට යන්න බැරි වෙච්ච නිසා. මතුගම අනුරාධපුර බස් එකේ ගොඩක් දෙනෙක් අද පැයේ ඉඳලා හිටියා යන්න. විශාල සෙනගක් ඒ වගේම ඊයේ අපි කියන්නේ බෝනස් කැටිය කියලා, බෝනස් එකෙත් තියාගෙන ආවා අලුතෙන්, එලියත් එක්ක. ඒක වගේ ප්‍රමාණයෙන් අද අපි ආණ්ඩුවට විරුද්ධව ලොකු බලයක්, ගමේ තියෙන තත්ත්වය අද අනුරාධපුරයේදී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අපි පෙනී සිටින්නේ..."




