Published
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉදිරියේදි ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 695 ක ණය මුදල හරහා සාමාන්‍ය ජනතාවට ඍජු වාසි නොලැබෙනු ඇතැයි ආර්ථික විශේලේෂකයින් පවසනවා.
කෙසේවෙතත් මෙම මුදල හරහා රුපියලේ අගය ශක්තිමත්වීම සහ උද්ධමනය පහළ යාම හරහා සාමාන්‍ය ජනතාවට වාසි හිමිවනු ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා නෙත් නිවුස් කළ විමසිමකදි පැවසුවේ.
ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස් වන සහ හය වන සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ ඊයේ දිනයේදීයි.
ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ රැස් වු අවස්ථාවේ ගත් තීරණයකට අනුවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් හිමිවිමට නියමිතව තිබෙනවා.




