Published
ඊයේ රාත්‍රියේ (23) රාත්‍රී 8.30 පමණ රඹුක්කන-මාවනැල්ල මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් මැදවෙල ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු වූ අතර කඩිනමින් ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා හමුදා භට පිරිස් අනතුරින් විපතට පත් පිරිස මුදවා ගැනීමට ක්‍රියා කර තිබෙනවා.
මෙහිදී ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇති අතර 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් අනතුරට පත් ත්‍රිරෝද රථය තුළ සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙක් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාවනැල්ල මූලික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.
දැනට රඹුක්කන - මාවනැල්ල මාර්ගයේ ගමනාගමන කටයුතු සීමා කර ඇත.





