විදේශ රැකියා නියෝජිත ආයතනවල බලපත්‍ර අලුත් කිරීමේදී එම ආයතනවල පසුගිය ක්‍රියාකාරීත්වයන් පිළිබඳ දැඩි ලෙස සොයාබලන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අදාළ බලපත්‍ර ලබා දීම නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ප්‍රමාද වන බවට එම ආයතන එල්ල කරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.