Published
ආසියානු කුසලාන ක්රිකට් තරඟාවලියේ සුපිරි හතර දෙනාගේ වටය හෙට ආරම්භ වනවා. පළමු තරඟය පැවැත්වෙන්නේ ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතරයි. ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටය සඳහා ශ්රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බවයි ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පවසන්නේ.
මේ අතර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරඟාවලියට එක්ව සිටි ශ්රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩක දුනිත් වෙල්ලාගේ අද අලුයම යළි දිවයිනට පැමිණියා. ඒ, ඔහුගේ පියාගේ හදිසි අභාවය හේතුවෙන්. අද උදෑසන 08.25ට පමණ කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ඔහු අද පෙරවරුවේ පානදුර රෝහලට ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේ අතර ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගි වී සිටින යොවුන් ක්රිකට් ක්රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියාණන්ගේ හදිසි අභාවය හේතුවෙන් ලොව පුරා ක්රිකට් ක්රීඩකයන් රැසක් සිය සංවේගය පළකර තිබෙනවා. ඊයේ තරගයේ දී දුනිත් වෙල්ලාලගේ යැවූ අවසන් පන්දු වාරයට ලකුණු 31ක් රැස් කළ ඇෆ්ගනිස්තාන ප්රහාරාත්මක පිතිකරු මොහොමඩ් නබිද ඒ අතරට අයත්. මීට අමතරව බංග්ලාදේශ විස්සයි විස්ස නායක ලිටන් දාස් මෙන්ම බංග්ලාදේශ ක්රීඩකයන් වන ටස්කින් අහ්මඩ්, තව්හිද් රිදෝයි ද සිය ශෝකය පළ කර තිබෙනවා.