Published
රුපියල් කෝටි හතරකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු මාලඹේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාලඹේ, උඩවත්ත ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 50ක් සමග පළමුව එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ කහන්තොට ප්‍රදේශයේ නිවසක තිබී හොරායින් කිලෝ එකයි ග්‍රෑම් 728 යි මිලිග්‍රෑම් 900 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 171 යි මිලිග්‍රෑම් 500 ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 497යි මිලිග්‍රෑම් 900 ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අ
ත්අඩංගුවට ගත් සැකකරුවන් පයාගල සහ උඩවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.




