Published
වසර 34කට පසු වාර්තාගත ක්‍රිකට් ජයග්‍රහණයක් හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ පකිස්ථාන කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරඟාවලිය ජය ගනිමින්. බටහිර ඉන්දීය කොදෙව්වන් මෙලෙස පකිස්ථානයට එරෙහිව එක්දින ක්‍රිකට් තරඟාවලියක් ජයග්‍රහණය කරන්නේ 1991 වසරෙන් පසු පළමු වරට වීම විශේෂත්වයක්. ඊයේ පැවති තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වන් කඩුලු 06ක් දැවී ලකුණු 294ක් රැස්කළා. කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානයට රැස්කර ගත හැකි වුණේ ලකුණු 92ක් පමණයි. ඒ අනුව කොදෙව්වන් තරඟය ජය ගත්තේ ලකුණු 202කින්. එය සැලකෙන්නේ පකිස්ථාන කණ්ඩායමට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව්වන් එක්දින තරඟයක ලැබූ දැවැන්තම ජයග්‍රහණය ලෙසයි.