Published
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසා තිබෙනවා.
එහිදී ඔවුන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා, මාතෘ භූමියේ ඒකීයභාවය වෙනුවෙන් ඔවුන් සියලු දෙනා කළ කැපවීම ද අගය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
අනතුරුව “රණවිරු සෙවණ” සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්රමුඛ කාර්ය මණ්ඩලය සමගද කතාබහක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන් වෙනුවෙන් තවදුරටත් සැපයිය හැකි වෛද්‍ය සහ අනෙකුත් සේවා පහසුකම් පිළිබඳවද සොයා බලා තිබෙනවා.



