Published
නීති විරෝධී ලෙස ගිනි අවි සන්තකව සිටි සැකකරුවන් තිදෙනෙකු ප්‍රදේශ තුනකදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම එක් සැකකරුවෙකු පිස්තෝල අවියක් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට, පස්කට්ට හන්දිය අසලදීයි.
එම සැකකරු 39 හැවිරිදි වැලිගම, වලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග මනම්පිටිය නගරයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මනම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
ධර්මපුරම් පොලිස් වසමේ යුනිට් 10 ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.