අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අගෝස්තු මස 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඔක්කම්පිටිය, ගාමිණීපුර ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයෙකුගෙන් මාසිකව රුපියල් 50,000ක මුදලක් බැගින් ඉල්ලා තිබෙනවා.

ඉන් රුපියල් 47,000ක මුදලක් ලබා ගත් අවස්ථාවේදී ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.