වත්මන් ආණ්ඩුව කිසිවිටෙකත් අධිකරණයට බලපෑම් නොකරන බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, පාර්ලිමේන්තුවේදී අද පැවැති විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ආණ්ඩුවට එල්ල කළ චෝදනාවකට පිළිතුරු ලබාදෙමින්. එහිදී චාමර සම්පත් දසනායක මහතා චෝදනා කළේ ආණ්ඩුවේ බලපෑම්වලට අනුව ඇතැම් අධිකරණවල විනිසුරුවරුන්ට ස්ථාන මාරුවීම් සහ පත්වීම් ලබාදී ඇති බවයි.

එම චෝදනාවට අමාත්‍ය බිමල් රත්නායක මහතා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි. මේ අතර අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු සමෘද්ධි සංශෝධන පනත් කෙටුම්පත සහ රබර් පාලන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත වුණා.