තණමල්විල, බටුවැව ප්‍රදේශයේදී පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, තණමල්විල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදීයි.

එහිදී කැණීම් කටයුතු සඳහා සැකකරු විසින් යොදාගත් උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු තණමල්විල, වනසූරියආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.