Published
ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන්.
එම ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබෙමින් ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.
ඒ අනුව කුඩා ගඟ හා මගුර ගඟ අවට පහත් බිම් හරහා වැටි ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවධානමක් පවතිනවා.
ඒ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසයි එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් හා එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා ජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ.




