Published
ගාල්ල බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
බන්ධනාගාරය දෙපාර්තමේන්තුව පැවසුවේ රැඳවියන් දෙදෙනකු එම බන්ධනාගාරයෙන් පළා යාමට තැත් කිරීමේ දී මුර අට්ටාලයක සිටි නිලධාරීයෙකු වෙඩි තබා ඇති බවයි.
එහි දී එක් රැඳවියෙකුගෙ අතකට වෙඩි වැදි තිබෙනවා.
තුවාල ලැබු ඔහු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
සෙසු රැඳවියා බන්ධනාගාර තාප්පයෙන් පිටතට පැනීමේ දී බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



