මධ්‍යම පළාත් පරිවාස හා ළමා කොමසාරිස්වරියගේ පාලනය යටතේ පවතින පළාතේ ළමා නිවාසවල සිදු කෙරී ඇති බව කියන අක්‍රමිකතා හා දූෂණ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ නියමයෙන්.

මෙම පරීක්ෂණය විනිවිද භාවයකින් සිදුකිරීම සඳහා ආණ්ඩුකාර කාර්යාලයේ නිලධාරින් ඉදිරියේදීම සිදු කිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගැහැණු දරුවන් වැඩිපුර රඳවා සිටින මහනුවර ටිකිරි ළමා නිවාසය පිළිබද එම පරීක්‍ෂණවලදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.