නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වටයක් ලබන සතියේ ද පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

එහිදී මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්වවලින් අදහස් විමසීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ, සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ මතුව ඇත්තේ දැඩි කතාබහක්.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී 10 හා 11 ශ්‍රේණිවල අනිවාර්ය විෂයයන් අතරින් ඉතිහාසය සහ සෞන්දර්ය යන විෂයයන් ඉවත් කර, ඒවා තෝරාගන්නා ලැයිස්තුවකට එක් කර තිබීම මෙම කතාබහට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

මේ අතර, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.