ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින් මේ වන විට ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.

ඒ, ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ අද දිනයේ මෙන්ම හෙට දිනයේ ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කරන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පැවසුවේ අදාළ වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාව අපහසුතාවට පත් කිරීමට බලාපොරොත්තු නොවන බවයි.