පසුගිය වසරේ ජූනි සහ ජූලි මාසවලට සාපේක්ෂව මෙම වසරේ එම කාල සීමාව තුළ මෙරටට සංචාරකයින් පැමිණීම කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේ ජූනි සහ ජූලි මාස යනු සාමාන්‍යයෙන් මෙරටට සංචාරකයින් අවම වශයෙන් පැමිණෙන කාලයක් බවයි.

එහෙත් ඉලක්කගත සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් හේතුවෙන් මෙම වසරේදී අදාළ කාලසීමාවේ සංචාරක පැමිණීම් වර්ධනය කර ගැනීමට හැකි වූ බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පෙන්වා දුන්නේ.

වසරේ මුල් මාස 06 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් රුපියල් බිලියන 1යි දශම 4ක පමණ මුදලක් උපයා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.