Published
වාරි මාර්ග දෙපාර්තමේන්තුවට ජලාශවල රක්ෂිත ලකුණු කිරීමේ පළමු අදියර සඳහා වැව් 23ක් තෝරාගෙන තිබෙනවා.
එම වැව් සියල්ලේම රක්ෂිත සලකුණු කිරීම මේ වසර තුළ නිම කිරීමටයි තීරණය වී ඇත්තේ.
සමස්ත වැඩසටහන සඳහා වැව් 48ක් දැනටමත් තෝරාගෙන අවසන්.
සමාජයේ දැඩි කතාබහක් මතු කර ඇති මෙම මාතෘකාව සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළා.
අමාත්‍යවරයා එහිදී පැවසුවේ ජලාශවල රක්ෂිත ලකුණු කිරීමෙන් පසුව ඒවා තුළ ඇති ඉදිකිරීම් මොනවාදැයි නිෂ්චිතව හඳුනාගත හැකි බවයි.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු ලබාදුන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ ජලාශවල රක්ෂිත ලකුණු කිරීමෙන් පසුව ඒවායේ ඉදිකර ඇති ඉදිකිරීම් සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි.