අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 11 වන දිනය වූ අද කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැණුනා.
එම විවාදයේදී වැඩි අවධානයක් යොමු වුණේ රට තුළ පවතින ආපදා තත්ත්වය පිළිබඳවයි.
විවාදය ආරම්භ කරමින් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කළා.
ඉන් අනතුරුව විවාදයට එක්වුණේ කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතායි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාද විවාදයට එක් වුණා.
මෙම විවාදයට එක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවලට ගොස් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා මෙම අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ට අවස්ථාව සලසා දෙන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.
අනාරක්‍ෂිත ස්ථානවල පදිංචි ඇතැම් පුද්ගලයින් ආරක්‍ෂිත ස්ථාන කරා යාමට මැලිකමක් දැක්වීම ජීවිත හානි වැඩිවීමට හේතුවක් වී ඇති බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.




