Published
පෑලියගොඩ, ඥාණරතන මාවතේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී-56 අවියකින් එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ දැනට ඉන්දීය අත්අඩංගුවේ පසුවන “පූකුඩු කන්නා” නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙක්. ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ සිට යතුරුපැදියකින් ආපසු යමින් සිටියදී වෙඩික්කරුවන් එම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා. මෙම පුද්ගලයා ඉලක්ක කර වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර එම එක් වෙඩි ප්‍රහාරයක් අසල සිටි තවත් පුද්ගලයෙකුට ද වැදී ඇති බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.