Published
මෙම දිනවල එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා.
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා බිම් රැසක් විනාශ වීම ඊට හේතුවී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික මිල දර්ශනයට අනුවද ඊයේ දිනය වනවිට පිටකොටුව, දඹුල්ල මෙන්ම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි කිලෝවක් රුපියල් 600ත් 800ත් අතර සිල්ලර මිලකට අළෙවි වි තිබෙනවා.
තක්කාලි කිලෝවක් රුපියල් 500ත් 600ත් අතර සිල්ලර මිලකටත් පතෝල කිලෝවක් රුපියල් 600ත් 700ත් අතර සිල්ලර මිලකටත් අමු මිරිස් කිලෝවක් රුපියල් 1100ත් 1200ත් අතර සිල්ලර මිලකටත් අලෙවි වී ඇති බවටයි සදහන් වන්නේ.
වම්බටු කිලෝවක් රුපියල් 550ත් 800ත් අතර සිල්ලර මිලකට අලෙවි වී ඇති අතර කැරට් සහ ගෝවා කිලෝවක් රුපියල් 300ත් 500ත් අතර සිල්ලර මිලකටත් අළෙවි වී තිබෙනවා.
මේ අතර නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පිළිබදවද නෙත් නිවුස් සොයා බැලීමක් කළා.




