Published
කොළඹ මැගසින් බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලීසිය පවසනවා.
එම බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ රදවා සිටි රැදවියන් ඊයේ රාත්‍රී වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරුණා.
මත්ද්‍රව්‍ය ගැටළුව්ක මුල් කර ගනිමින් මෙම නොසන්සුන්තාව හටගෙන ඇති බවටයි වාර්තා වුණේ.
එහිදී ඔවුන් එම බන්ධනාගාරයේ කාර්යාලයේ දේපළවලටද හානි සිදුකර තිබෙනවා.
සිද්ධිය පාලනය කිරීම සදහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව ද කැදවා තිබුණා.
වාට්ටුවෙන් පිටත පැමිණ සිට එම රැදවියන් යළි වාට්ටු තුළට දමා තිබෙනවා.
අදාළ නොසන්සුන්තාව මෙහෙය වූ බව කියන රැදවියන් කිහිප දෙනෙකු හදුනාගෙන ඔවුන් වෙනම රැද වූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

