වෛද්‍යවරියකට උල් පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර, ඇය ගෙල පැළැඳි රන්මාලය ඇතුළු දේපළ කොල්ලකෑ සංවිධානාත්මක කල්ලියේ දෙදෙනෙකු කිලෝ මිටර 73ක දුරට සීසීටිවි කැමරා 500ක් පරික්ෂාකර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලවත්ත පොලිසිය පැවසුවේ සැකකරුවන් විසින් වෛද්‍යවරියගෙන් කොල්ල කන ලද, පවුමක් බරැති රන්මාලය සහිත පෙන්ඩනය හා ලැප්ටොප් පරිගණකය පොලිස් භාරයට ගෙන ඇති බවයි.
සිය නිවසට යාම සඳහා බස් රථයක් බලාපොරොත්තුව වැල්ලවත්ත ප්‍රදේශයේ බස් නැවතුමේ සිටියදී යතුරු පැදියකින් පැමිණ තිබූ සැකකරුවන් තිදෙනා වෛද්‍යවරියට උල් පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර මෙම කොල්ලය සිදු කර තිබුණා.
සොරාගත් භාණ්ඩවල වටිනාකම රුපියල් හාර ලක්ෂ පනස් තුන්දහසකට අධික බවටයි වෛද්‍යවරිය පොලිසියට පැමිණිලි කර තිබුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2011 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේදී ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතක කතෘ මණ්ඩල සාමාජිකාවකගේ නිවසට අයුතු ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ කණ්ඩායමේ සාමාජිකයන් බවද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
කොල්ලකෑම් සඳහා එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ද පැමිණ ඇති අතර වැඩිමහල් සහෝදරයා ද අත්අඩංගුවට ගැනීමට නියමිතයි.



