Published
බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 06.00 කොළඹ කොටුව බලා ධාවනය වු රාත්රී තැපැල් දුම්රිය ධාවනය වෙමින් තිබු අවස්ථාවේ දී ඔහිය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර පස් කඳු කඩා වැටීම හේතුවෙන් එම දුම්රිය එම ස්ථානයේ දී පිලි පැනීමකට ලක්ව තිබෙනවා.
ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු කොළඹ කොටුව සිට නානුඔය දුම්රිය ස්ථාන දක්වා පමණක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
ඊයේ දින ද උදැසන මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් ද ඔහිය දුම්රිය ස්ථානයේ දී පිලි පැනීමකට ලක්විය.





