අද රටේ පවතින්නේ ඉතාම භයානක අවදානම් අවස්ථාවක් බවත් ජන සමාජයේ ඇති සියලුම ආයතන, සංවිධාන, සිවිල් සංවිධාන, ප්‍රජා සංවිධාන අද ජේවීපී කරණයට ලක් වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා යෞවන සමාජ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අතකොලු බවට පත් කර ගන්න කූඨ ක්‍රියාදාම රාශියක් ගෙන යන බවත් ඊට අමතරව ගමේ නගරයේ පිහිටුවන සිවිල් ආරක්ෂක කමිටුවට පවා නිලධාරීන් පත් කර ගෙන රැස්වීමට පැමිණ එයත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ග්‍රහණයට ගෙන ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය සමග පැවැති හමුවකදීය මේ වන විට රෝහල් කමිටුවට පවා ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ගේ දේශපාලන අතපෙවීම් සිදුවන බවත් ඉදිරියේ දී ග්‍රාම සංවර්ධන කමිටුව, ප්‍රජා සංවර්ධන කමිටුව, කාන්තා සමිති, මරණාධාර සමිති, විශ්‍රාමික සමිති ආදියේ ද ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට විසි කර ජවිපෙ තනතුරු බෙදා ගන්න තැනට රට පත්ව ඇති බවත් මේවා ගොවි, ධීවර, තේ සමිති, රබර් සමිති, අපනයන භෝග වගා සමිති ආදියටද පන්සලේ දායක සභාවත් තීන්දු කර විහාරාධිපති හිමියන් කවුද කියා තීරණය කරයිද කියා සැකයක් මතුවන බවත් මේ බලපෑම එන්න එන්න දරුණු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා. ජනතාව පක්ෂ ජාති ආගම් කුලමල තරාතිරම් භේදයෙන් තොරව නිර්මාණය කර ගත් ස්වේච්ඡා සංවිධානවලට රජයේ අතපෙවීම සිදුවන බවත් මේ අභියෝග ජයගත හැක්කේ බිම් මට්ටමෙ ප්‍රජා ශක්තිය වර්ධනය කිරීම තුළ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.