පැල්වත්ත සීනි සමාගමේ උද්ගත වී ඇති අර්බුදය මේ වන විට තවත් උත්සන්න වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා කියා සිටියේ ආණ්ඩුව කුමන ප්‍රකාශ සිදු කළ ද ගැටලුවට විසඳුමක් ලැබී නොමැති බවයි.

සෙවනගල සීනි සමාගමේ තත්ත්වය ද මීට සමාන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.