මේ මාසය ආරම්භ වුණේ ඉන්ධන මිල අඩු කිරීමේ ප්‍රවෘත්තියත් සමගයි. දැන් ඇතැම් පිරිස් ප්‍රශ්න කරන්නේ අඩු වුණු ඉන්ධන මිල ගණන් ප්‍රමාණවත්ද යන්නයි.

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් මහජනතාවගෙන්ම විමසා සිටියා.

ඉන්ධන මිල අඩු වීමත් සමග දැන් බොහෝ දෙනා බලා සිටින්නේ බස් ගාස්තුත් අඩු වීම පිළිබඳවයි. ඉන්ධන මිල සංශෝධනය කළද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි ජාතික ප්‍රවාහන කොමිසම පවසන්නේ. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාද පැවසුවේ බස් ගාස්තු සංශෝධනය කිරීමට තරම් මුදලකින් ඉන්ධන මිල අඩු වී නොමැති බවයි.

සැප්තැම්බර් මාසයට අදාළව ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරුණා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් පහළ දමා තිබෙනවා.

එහි නව මිල 299ක් වනවා. ලංකා සුදු ඩීසල් ලිීටරයක් ද රුපියල් 6කින් පහළ දමා තිබෙනවා.

නව මිල සඳහන් වන්නේ 283ක්.

රුපියල් 12කින් පහළ දමා ඇති සුපිරි ඩීසල් ලීිටරයක නව මිල 313ක්.

කෙසේවෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල හා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වුණේ නැහැ.