විදුලි සැපයුම බිද වැටීම නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

විදුලිය බිඳ වැටීමත් සමඟ අඹතලේ හා බියගම ජල පවිත්‍රාගාරවල පිරිපහදු කටයුතු තාවකාලිකව නැවතූ බවයි එම මණ්ඩලය පවසන්නේ.

දිවයින පුරා විදුලි බිඳ වැටීම වාර්තා වී ඇති අතර, ඉහළ කොත්මලේ බලාගාරයේ සිදු වූ බිඳ වැටීමක් ඊට හේතුව බවට දැනට සැක කෙරෙනවා.

මේ අතර විදුලිය බිඳ වැටීමත් සමඟ මේ වනවිට නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර 03 ම අක්‍රිය වී ඇති බව ද වාර්තා වනවා.