Published
පෙරහැර සංස්කෘතිය රැක ගැනීමට මෙන්ම හීලෑ අලි ඇතුන්ගේ හිඟය පියවා ගැනීමට අලි ඇතුන් 400 දෙනෙකු පමණ රජය විසින් ලබා දිය යුතු බව විද්වතුන් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැවසුවේ එම අලි ඇතුන් ප්‍රමාණය ලබා දීමේ ක්‍රමවේදය රජයෙන් තීරණය කළ යුතු බවයි.
එලෙස ලබා දෙන අලින් පුහුණු කිරීම සඳහා වසර දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවද ඔහු කියා සිටියා.