අධිකරණ සේවා කොමිෂන් සභාවේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසට ඉල්ලා විපක්ෂය කළ යෝජනාවක් කතානායකවරයා අද ප්‍රතික්ෂේප කළා.

කතානායක ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේ විපක්ෂය කරන ලද ඉල්ලීම පිළිගැනීමට නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් පළ කළා.

මේ අතර “වෝටර්ස් එජ්” හෝටලේ සිදුවූ පරදීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අද අදහස් පළ කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අදත් පාර්ලිමේන්තුවේ කළ ප්‍රශ්න කිරීමක් නිසා සභාව උණුසුම් වුණා.

ඊට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍ය ආරියරත්න මහත්මිය ප්‍රතිචාර දැක්වූවා.