Published
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත් වීම මත දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැය 03ක පමණ කාලයක් පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවයි දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම්, දුමින්ද ප්‍රසාද් මහතා පැවසුවේ.
ඉල්ලීම් 11ක් ඉදිරිපත් කළ බවත් ඉන් ඉල්ලීම් 07කට ආසන්න ප්‍රමාණයකට පිළිගත හැකි විසඳුම් හිමිවූ බවත් ඔහු කියා සිටියා.