ඉන්දියාව සහ නවසීලන්තය අතර පසුගිය අප්රේල් මාසයේදී අත්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුම ලබන ඔක්තෝබර් 20 වනදා සිට බලාත්මක වන බව ඉන්දියානු වෙළඳ අමාත්ය පියුෂ් ගෝයාල් සඳහන් කරයි.
ගෝලීය වෙළඳපොළේ සිදුවන වෙනස්කම් හමුවේ අපනයන ඉහළ නැංවීම සහ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා ඉන්දියාව දරන උත්සාහයක ප්රතිඵලයක් ලෙස මෙම පියවර ගෙන ඇත.
දෙරටම මෙම ගිවිසුම සම්මත කර ඇති අතර, නවසීලන්ත වෙළඳ සහ ආයෝජන අමාත්ය ටොඩ් මැක්ලේ සහ නවසීලන්තයේ ඉන්දීය මහකොමසාරිස් Muanpuii Saiawi අතර ඊට අදාළ ලේඛන හුවමාරු කරගැනීම එරට පාර්ලිමේන්තුවේදී සිදුවිය.
රේගු බදු සහ සහන සම්බන්ධයෙන් ඇතිවූ මෙම එකඟතාවත් සමඟ, නවසීලන්තයෙන් ඉන්දියාවට යවන අපනයනවලින් 95% කට පමණ පනවා ඇති තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හෝ අඩු කිරීම සිදුවේ.
මෙම ගිවිසුම මඟින් නවසීලන්ත ව්යාපාරවලට ලොව වේගයෙන්ම වර්ධනය වන වෙළඳපොළකට පිවිසීමට විශාල අවස්ථාවක් හිමිවන බව නවසීලන්ත අමාත්ය ටොඩ් මැක්ලේ ප්රකාශ කළේය.
රුසියානු තෙල් මිලදී ගන්නා ඉන්දියාව වැනි රටවලට 100% දක්වා තීරුබදු පැනවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් නීති සම්මත කර ඇති පසුබිමක මෙම ගිවිසුම ක්රියාත්මක වීම විශේෂත්වයකි. ඒ අනුව තම විශාලතම වෙළඳපොළ වන ඇමෙරිකාව මත පමණක් රැඳී නොසිට, බ්රිතාන්යය සහ යුරෝපා සංගමය වැනි ප්රධාන ආර්ථිකයන් සමඟ ද වෙළඳ ගිවිසුම් හරහා අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීමට ඉන්දියාව කඩිනමින් පියවර ගනිමින් සිටී.



