ජලාශවල පැවති ජල ධාරිතාව ආපදාවලට පෙර අවම කර ගෙන තිබුණේ නම් ‘දිට්වා’ සුළි කුණාටුව සමග ඇති වූ ආපදාවලින් සිදුවු බලපෑම අවම කර ගැනීමට හැකියාව පැවති බවට විපක්‍ෂය එල්ල කරන චෝදනා පදනම් විරහිත බව ආණ්ඩු පක්‍ෂය පවසනවා.

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ විපක්‍ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එල්ල කළ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා මෙලෙස අදහස් පළ කළා.

එම චෝදනාවලට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.