බගවන්තලාව, රාණිකාඩුව ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා.

එහිදී එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 34 දෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම බස් රථය අනතුරට ලක්ව ඇත්තේ රාණිකාඩුව බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේදීයි.

ධාවනය වෙමින් තිබූ එම පෞද්ගලික බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරා බස් රථය නතර කර ගැනීම සදහා ප්‍රධාන මාර්ගයේ පස් කන්දක ගැටීමට සලස්වා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.