පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව තවත් උණුසුම් වී තිබෙනවා. ඒ, අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් සමගින්. පසුගිය කාලය පුරාම රටේ කතාබහට ලක් වූ මාතෘකාවක් තමයි අමෙරිකානු තීරුබද්ද. ශ්‍රී ලංකාවට පනවා තිබූ එම බද්ද සියයට 20 ක් දක්වා අඩු කිරීමට අමෙරිකාව ගනු ලැබූ තීරණයත් සමග තීරු බද්ද ගැන තිබුණු කතා බහ දැන් ටිකක් අඩු වෙලා. ඒත් දේශපාලනඥයන් අතර තවත් කතාබහක් දැන් කරලියට ඇවිල්ලා. ඒ තමයි හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න ආණ්ඩුවේ අවදානය යොමුවීම පිළිබදව. විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවීම ගැන හිටපු ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ආණ්ඩුවට චෝදනා එල්ල කරනවා. ඒ මාතෘකාව කරලියට එන්න තවත් හේතුවක් තමයි ආණ්ඩුවේ එම තීරණයට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද විරෝධය දැක්වීමයි. ඒ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාද ඉන්නවා. ඔහුද කියාසිටියේ තමන්ට විශ්‍රාමික මන්ත්‍රී වැටුප නොලැබුණහොත් ආර්ථික වශයෙන් වඩාත් පීඩාවට පත් වන බවයි.
Published