05 සහ 06 ශ්‍රේණි හැර පාසල්වල 02 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා සකස් කරන ලද නව චක්‍රලේඛයක් මේ වන විට නිකුත් කර ඇති බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අංක 27/2025 දරණ එම චක්‍රලේඛය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.